• Increase font size
  • Default font size
  • Decrease font size

2022-04-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2002 අංක 33 දරන ඛනිජතෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) පනත සංශෝධනය කිරීම
- රටේ සියලුම ආර්ථික ක්‍රියාකාරකම් සඳහා ඉන්ධන අත්‍යවශ්‍ය වන බැවින් ආර්ථිකයේ තෝරා ගත් විශේෂිත ක්ෂේත්‍රවලට තමන්ට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණයන් තනි තනිව ආනයනය කර භාවිත කිරීම සඳහා බලපත්‍රයක් ලබා දීම යෝග්‍ය බවට හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, ඛනිජතෙල් ආනයනය සඳහා විධිමත් පරිදි හඳුනාගනු ලබන පාර්ශ්වයන්ට බලපත්‍ර ලබා දීමට හැකි වන අයුරින් 2002 අංක 33 දරන ඛනිජතෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.