• Increase font size
  • Default font size
  • Decrease font size

2022-04-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විවිධ පාර්ශ්වයන් විසින් ඉදිරිපත් කරනු ලබන විදේශ විනිමය හා බලශක්ති සැපයුම් ආශ්‍රිත මූල්‍ය යෝජනා ඇගයීම පිණිස යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම
- රට තුළ පවතින විදේශ විනිමය අර්බුදයට පිළියම් වශයෙන් ඇතැම් මිත්‍රශීලී රාජ්‍යයන්, ජාත්‍යන්තර සැපයුම්කරුවන් හා දේශීය පෞද්ගලික අංශ විසින් විවිධ ස්වරූපයේ ද්විපාර්ශ්වික සහන ණය, බලශක්ති සැපයුම් සහ බලශක්ති ක්ෂේත්‍රය ආශ්‍රිත යෝජනා ඉදිරිපත් කරනු ලබයි. එලෙස ඉදිරිපත් කරන ඇතැම් යෝජනා, රට මුහුණ පා ඇති විදේශ විනිමය අර්බුදය සඳහා ඵලදායී යෝජනා බවට නිරීක්ෂණය වුවද ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා පවතින ක්‍රමවේද තුළ නිශ්චිත අවකාශයක් නොමැත. එබැවින්, එම යෝජනාවල කාලීන වැදගත්කම සලකා බලා ඒවා විශ්ලේෂණය කර අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සහ අමාත්‍යාංශ ලේකම්වරුන් හතර දෙනෙකුගේ (04) සහභාගිත්වයෙන් යුත් කමිටුවක් පත් කිරිම පිණිස ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.