• Increase font size
  • Default font size
  • Decrease font size

2022-04-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජපානයේ යුරේෂියා පදනම මඟින් ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය වෙත පර්යේෂණ ප්‍රදාන පිරිනැමීම
- "ආසියානු මතවාදයක් සඳහා වන සංස්කෘතික සබඳතා" යන තේමාව යටතේ පාඨමාලාවක් පැවැත්වීම සඳහා ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය වෙත ජපානයේ යුරේෂියා පදනම විසින් පර්යේෂණ ප්‍රදානයක් වශයෙන් ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් 42,000ක ප්‍රදානයක් ලබා දීමට පියවර ගනු ලැබ ඇත. එකී ප්‍රදානය යටතේ සිසුන් 200ක් බඳවාගෙන අදාළ පාඨමාලාව පැවැත්වීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කරන ලදී.