• Increase font size
  • Default font size
  • Decrease font size

2022-04-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විදේශීය ආයෝජකයින් සඳහා දීර්ඝකාලීන වාස වීසා නිකුත් කිරීම
- මීට පෙර ක්‍රියාත්මක කරන ලද දීර්ඝකාලීන වාස වීසා නිකුත් කිරී‍මේ ක්‍රමවේදය වෙනුවට නව ක්‍රමවේදයක් හඳුන්වා දීම සඳහා 2021 මාර්තු මස 07 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදී. එම ක්‍රමවේදය යටතේ පහත සඳහන් පරිදි දීර්ඝකාලීන වාස වීසා නිකුත් කිරී‍ම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනා සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී:

* සහාධිපත්‍ය දේපළවල අවම වශයෙන් ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් 75,000ක් හෝ ඊට වැඩි වශයෙන් ආයෝජනය කරනු ලබන විදේශිකයින්ට සහ විදේශීය සමාගම්වල අධ්‍යක්ෂවරුන්ට, ඔවුන්ගේ කලත්‍රයින්ට සහ යැපෙන්නන්ට එලෙස ආයෝජනය කරනු ලබන ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් ප්‍රමාණය මත පදනම්ව අවුරුදු 5 සිට 10 දක්වා දීර්ඝකාලීන වාස වීසා නිකුත් කිරී‍ම.

* ශ්‍රී ලංකා මහ බැංකුව පිළිගත් වාණිජ බැංකුවක අවම වශයෙන් ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් 100,000ක් තැන්පත් කරනු ලබන විදේශිකයින්හට වසර 10ක කාලසීමාවක් දක්වා වාස වීසා නිකුත් කිරීමට හැකි වන පරිදි "රන් පාරාදීස වීසා වැඩසටහන" නමින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම.