• Increase font size
  • Default font size
  • Decrease font size

2022-03-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුමේ IV වැනි වගන්තිය යටතේ 2021 වර්ෂය සඳහා වන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
- ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුමේ IV වැනි වගන්තිය යටතේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් 2021 වර්ෂය සඳහා ඉදිරිපත් කරනු ලබන වාර්තාව 2022-03-25 වන දින ප්‍රකාශයට පත් කර ඇත. එකී වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස මුදල් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.