• Increase font size
  • Default font size
  • Decrease font size

2022-03-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ වරාය නගරය තුළ ආයෝජනවලට පහසුකම් සැලසීම සඳහා 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ විධිවිධාන පරිදි පනවන ලද නියෝග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
- 2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ විධිවිධාන පරිදි විදේශ විනිමය පනත ඇතුළුව දැනට මෙරට තුළ ක්‍රියාත්මක වන නීතිවලින් නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම් නිශ්චය කොට ප්‍රදානය කිරීම සඳහා කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවට බලය පැවරී ඇත. එකී කොමිෂන් සභාව විසින් අවශ්‍ය රීති හා නියෝග නිකුත් කරන/ප්‍රකාශයට පත් කරනු ලබන තෙක් කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ බල ප්‍රදේශය තුළ ආයෝජන සඳහා පහසුකම් සැලසීම සඳහාම වෙන් වූ යන්ත්‍රණයක් හඳුන්වා දෙමින් විදේශ විනිමය පනතේ විධිවිධාන පරිදි අවශ්‍ය රෙගුලාසි හා විධාන නිකුත් කරන ලෙස එම කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් අනුමත කරනු ලැබ ඇත. ඒ අනුව, 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 7(1)හි විධිවිධාන පරිදි අදාළ නියෝග ප්‍රකාශයට පත් කිරීමටත්, එකී නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මුදල් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.