• Increase font size
  • Default font size
  • Decrease font size

2022-03-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දන්ත වෛද්‍ය කටයුතු සඳහා අවශ්‍ය පාරිභෝජ්‍ය අයිතම සැපයීම සඳහා වන ප්‍රසම්පාදනයන් පිරිනැමීම
- රෝගීන්ගේ දන්ත ශල්‍යකර්ම සඳහා භාවිත කරන දන්ත පාරිභෝජ්‍ය අයිතමයන් සපයා ගැනීම පිණිස වන ප්‍රසම්පාදනය සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා ඇති අතර ඒ සඳහා ලංසු 09ක් ලැබී ඇත. තාක්ෂණික ඇගයීම් කමිටුවේ නිර්දේශ මත, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් සාරානුකුලව ප්‍රතිචාර දක්වා ඇති අවම ලංසුකරුවන් වෙත එකී ප්‍රසම්පාදනයන් පිරිනැමීමට නිර්දේශ කර තිබේ. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අදාළ ප්‍රසම්පාදනයන් පිරිනැමීම පිණිස සෞඛ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.