• Increase font size
  • Default font size
  • Decrease font size

2022-03-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ජල කාන්දුව නිසා බලපෑමට ලක් වූ නිවාස හිමියන්ට හිමි විය යුතු සහන සැලසීම සහ අත්පත් කර ගන්නා ලද ඉඩම් වෙනුවෙන් විකල්ප ඉඩම් ලබා දීම
- උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ සියලු ඉදිකිරීම් කටයුතු මේ වන විට අවසන් වෙමින් පවතින අතර ව්‍යාපෘතිය නිසා බලපෑමට ලක් වූ පාර්ශ්වයන්ට සහන ලබා දීම ද ඉදිරි මාස 06 ක කාලය තුළ අවසන් කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව, මෙම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ උමගේ කැණිම් ආශ්‍රිතව ඇති වූ ජල කාන්දුව හේතුවෙන් හානියට පත් නිවාස හිමියන්ට ලබා දී ඇති විකල්ප ඉඩම් කොටස් සඳහා රජයේ ඉඩම් ආඥාපනත යටතේ නිදහස් දීමනා පත්‍ර ලබා දීමටත්, නාය යාමේ අවදානම නිසා ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය විසින් ඉවත් කිරීමට නිර්දේශ කර ඇති පූර්ණ වන්දිය ගෙවිය යුතු නිවාස සඳහා කඩිනමින් වන්දි ගෙවීමටත්, නැවත පදිංචි කළ යුතු නිවාස හිමියන්ගේ මුල් පදිංචි ඉඩම්වල නිශ්චිත කොන්දේසි යටතේ වගා කිරීම සඳහා අවස්ථාව සලසා දීමටත් වාරිමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.