• Increase font size
  • Default font size
  • Decrease font size

2022-03-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය (යුනෙස්කෝ සංවිධානය) යටතේ සංවර්ධනය වෙමින් පවතින රටවල්හි විද්‍යාඥවරියන් සඳහා ලබා දෙන පර්යේෂණ සහයෝගිතාවන් සඳහා ගිවිසුම්වලට එළඹීම
- එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය (යුනෙස්කෝ සංවිධානය) යටතේ ක්‍රියාත්මක වන "සංවර්ධනය වෙමින් පවතින රටවල්හි විද්‍යාඥවරියන් සඳහා වන සංවිධානය" විසින් ක්‍රියාත්මක කරනු ලබන "මූලික වෘත්තීය සහයෝගිතා වැඩසටහන" සඳහා යෝග්‍ය පර්යේෂණ ව්‍යාපෘති ලෙස සලකා පර්යේෂණ ප්‍රදානයන් ලබා දීම පිණිස ශ්‍රී ලාංකික විද්‍යාඥවරියන් පස් (05) දෙනෙකුගේ පර්යේෂණ ව්‍යාපෘතින් තෝරාගෙන ඇත. ඒ අනුව, අදාළ ප්‍රදානයන් ලබා ගැනීම සඳහා එම විද්‍යාඥවරියන් සේවය කරනු ලබන විශ්වවිද්‍යාල සහ යුනෙස්කෝ සංවිධානය අතර අවබෝධතා ගිවිසුම්වලට එළඹීමටත්, එකී විද්‍යාඥවරියන් සහ යුනෙස්කෝ සංවිධානය අතර ප්‍රදාන ගිවිසුම්වලට එළඹීමටත් අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.