• Increase font size
  • Default font size
  • Decrease font size

2022-03-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කෘෂිකාර්මික හා අනෙකුත් ක්ෂේත්‍රයන්හි රැකියා හා පුහුණු අවස්ථා ප්‍රවර්ධනය සඳහා ජපානයේ එහිමි ප්‍රාන්තය සමඟ සහයෝගිතා ගිවිසුමකට එළඹීම
- ජපානයේ එහිමි ප්‍රාන්තයේ කෘෂිකාර්මික, ආහාර සැකසුම් ඇතුළු අනෙකුත් රැකියා ක්ෂේත්‍රයන්හි සහ විශේෂයෙන්ම එම ප්‍රදේශයේ ප්‍රචලිත වී ඇති සිට්රස් (Citrus) වගා ක්ෂේත්‍රයෙහි පවතින රැකියාවන්වල යෙදීම සඳහා ශ්‍රී ලංකා තාක්ෂණික ආධුනිකයන්ට අවස්ථාව ලබා දීමට එකී ප්‍රාන්තය විසින් ඉදිරිපත් කර ඇති යෝජනාව අනුව ඉදිරි පියවර ගැනීම සඳහා 2021-07-26 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව, විශේෂ නිපුණතා සහිත ශ්‍රී ලාංකිකයින් සඳහා අදාළ රැකියා සහ පුහුණු අවස්ථා සලසා ගැනීමේ අරමුණින් විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙ‍ෙළඳපොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශය සහ ජපානයේ එහිමි ප්‍රාන්තය අතර සහයෝගිතා ගිවිසුමකට එළඹීම පිණිස කම්කරු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.