• Increase font size
  • Default font size
  • Decrease font size

2022-03-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ ධීවර වරාය සංවර්ධනය කිරීම සඳහා ඉන්දීය රජය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීම
- අන්‍යෝන්‍ය එකඟතාව මත තෝරාගනු ලබන ස්ථානයන්හි ධීවර වරායන් සංවර්ධනය කිරීම සඳහා සහාය වීමට ඉන්දීය රජය එකඟතාව පළ කර ඇත. ඒ අනුව, පේදුරුතුඩුව, පේසාලේ, ගුරුනගර්, බලපිටිය සහ වෙනත් අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වනු ලබන ස්ථානයන්හි ධීවර වරායන් සංවර්ධනය කිරීම පිණිස ඉන්දීය රජයේ සහාය ලබා ගැනීම සඳහා දෙරට අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම පිණිස ධීවර අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.