• Increase font size
  • Default font size
  • Decrease font size

2022-03-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ඒකීය ඩිජිටල් අනන්‍යතා රාමුව ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දීය රජයේ මූල්‍ය පහසුකම් ලබා ගැනීම පිණිස අවබෝධතා ගිවිසුමකට එළඹීම
- ශ්‍රී ලංකා ඒකීය ඩිජිටල් අනන්‍යතා රාමුව ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දීය රජය විසින් ඉන්දියානු රුපියල් මිලියන 300ක ප්‍රදානයක් ලබා දීමට එකඟතාව පළ කර ඇත. එකී ප්‍රදානය ලබා ගැනීම සඳහා දෙපාර්ශ්වය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට යෝජනා වී ඇති අතර කෙටුම්පත් අවබෝධතා ගිවිසුම සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී තිබේ. ඒ අනුව, එකී අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස තාක්ෂණ අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.