• Increase font size
  • Default font size
  • Decrease font size

2022-03-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සමුද්‍රීය මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම
- ශ්‍රී ලංකාව තුළ සමුද්‍රීය මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 06ක ප්‍රදානයක් ලබා දීමට ඉන්දීය රජය විසින් එකඟතාව පළ කර ඇත. ඒ අනුව, එකී ප්‍රදානයට අදාළව ශ්‍රී ලංකා රජය සහ ඉන්දීය රජය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමටත්, එකී මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සහ ඉන්දීයාවේ භාරත් ඉලෙක්ට්‍රොනික්ස් සමාගම අතර ගිවිසුමට අත්සන් තැබීමටත් ආරක්ෂක අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.