• Increase font size
  • Default font size
  • Decrease font size

2022-03-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විවාහ ලියාපදිංචි කිරීමේ ආඥාපනත සංශෝධනය කිරීම
- විදේශ දික්කසාද ලියාපදිංචි කිරීම, විවාහ ශූන්‍යතාව හෝ අධිකරණමය වෙන්වීම් පිළිගැනීම් සම්බන්ධයෙන් අලුතින් නීති හඳුන්වා දීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී ඇති අතර, ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් මේ වන විට ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කරමින් පවතී. විවාහ ලියාපදිංචි කිරීමේ ආඥාපනතේ විවාහ ලියාපදිංචි කිරීම සඳහා සපුරාලිය යුතු නියමයන් ඇතුළත්විය යුතු අතර විදේශ දික්කසාද ලියාපදිංචි කිරීම, විවාහ ශූන්‍යතාව හෝ අධිකරණමය වෙන්වීම් සඳහා විධිවිධාන එකී ආඥාපනතේ ඇතුළත්ව නොමැති බැවින්, විවාහ ලියාපදිංචි කිරීමේ ආඥාපනත සංශෝධනය කිරීමටත්, ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමටත් අධිකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.