• Increase font size
  • Default font size
  • Decrease font size

2022-03-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අන්තිම කැමති පත්‍ර ආඥාපනත සංශෝධනය කිරීම
- අන්තිම කැමති පත්‍ර ආඥාපනත සංශෝධනය කිරීම පිණිස මීට ප්‍රථම අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී ඇති අතර, ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද පනත් කෙටුම්පතට නීතිපතිගේ නිෂ්කාශනය ලැබී තිබේ. ඒ අනුව, එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.