• Increase font size
  • Default font size
  • Decrease font size

2022-03-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2022 වර්ෂය සඳහා රජයේ රෝහල් ඇතුළු අනෙකුත් සෞඛ්‍ය ආයතනවලට අවශ්‍ය ශල්‍ය ගෝස් මිල දී ගැනීමේ ප්‍රසම්පාදනය පිරිනැමීම
- රජයේ රෝහල්වල සායනික කටයුතු හා ශල්‍යකර්ම සඳහා අත්‍යවශ්‍ය ශල්‍ය පාරිභෝජ්‍ය ද්‍රව්‍යයක් වන ශල්‍ය ගෝස් සෑම වර්ෂයකම අඛණ්ඩව මිලදී ගැනීම අත්‍යවශ්‍ය කරුණකි. ඒ අනුව, වෛද්‍ය සැපයීම් අංශය වෙත 2022 වර්ෂය වෙනුවෙන් ශල්‍ය ගෝස් මීටර මිලියන 30ක අවශ්‍යතාවක් පවතින බවට ඇස්තමේන්තුගත කර තිබේ. මීටරයක් රුපියල් 30.55 බැගින් ලියාපදිංචි දේශීය සැපයුම්කරුවන් 407 දෙනෙකුගෙන් එකී ශල්‍ය ගෝස් මිල දී ගැනීම අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කරනු ලැබ ඇත. එකී නිර්දේශය පරිදි නිර්දේශිත සැපයුම්කරුවන් වෙත අදාළ ප්‍රසම්පාදනයන් පිරිනැමීම පිණිස සෞඛ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.