• Increase font size
  • Default font size
  • Decrease font size

2022-03-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ ඉතාලි ජනරජය අතර දඬුවම් නියම වූ තැනැත්තන් භාර දීම සඳහා වූ ගිවිසුම
- ශ්‍රී ලංකා අධිකරණයක් විසින් වරදකරු කර, දඬුවම් පමුණුවා, බන්ධනාගාරගත කරන නිශ්චිතව සඳහන් වෙනත් රටක පුරවැසියෙකුට, එම දණ්ඩනය එම තැනැත්තා පුරවැසියෙකු වන රට තුළදී විඳීමට හැකි වන පරිදි අදාළ රටට භාර දීම සඳහා වන විධිවිධාන 1995 අංක 5 දරන වරදකරුවන් භාර දීමේ පනතේ ඇතුළත්ව තිබේ. ඒ අයුරින්ම වෙනත් රටකදී දඬුවම් පමුණුවන ලද ශ්‍රී ලාංකික පුද්ගලයෙකු මෙරටට භාර ගැනීමට හැකිවන විධිවිධාන ද එකී පනතේ ඇතුළත්ව ඇත. එලෙස කටයුතු කිරීම පිණිස දෙපාර්ශ්වය අතර වරදකරුවන් හුවමාරු කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව හා අදාළ රට අතර ගිවිසුමකට එළඹ තිබීම අත්‍යවශ්‍ය වේ. ඒ අනුව, දඬුවම් නියම වූ තැනැත්තන් භාර දීමට සහ භාර ගැනීමට අදාළව ශ්‍රී ලංකා රජ‍ය සහ ඉතාලි රජය අතර ගිවිසුමක් අත්සන් තැබීම පිණිස අධිකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.