• Increase font size
  • Default font size
  • Decrease font size

2022-03-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තය අතර ද්විපාර්ශ්වික ගුවන් සේවා ගිවිසුම
- ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තය අතර ද්විපාර්ශ්වික ගුවන් සේවා ගිවිසුමකට අත්සන් තැබීම සඳහා 2019 ජූලි මස 30 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇතත් එකී ගිවිසුමට මෙතෙක් අත්සන් තබා නොමැත. එබැවින්, ගුවන් ක්ෂේත්‍රයේ කටයුතු සම්බන්ධයෙන් දෙරට අතර සම්බන්ධතා තවදුරටත් වර්ධනය කර ගැනීමේ අරමුණින් එකී ගුවන් සේවා ගිවිසුමට අත්සන් තැබීම පිණිස සංචාරක අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.