• Increase font size
  • Default font size
  • Decrease font size

2022-03-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කෘෂිකර්ම යාන්ත්‍රීකරණ විද්‍යාව පිළිබඳ චීන ඇකඩමිය (China Academy of Agriculture Mechanization Science - CAAMS) සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම
- කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ ක්ෂේත්‍රයේ සහයෝගිතාව සම්බන්ධයෙන් කෘෂිකර්ම යාන්ත්‍රීකරණ විද්‍යාව පිළිබඳ චීන ඇකඩමිය (China Academy of Agriculture Mechanization Science - CAAMS) සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අතර 2017 වර්ෂයේදී අවබෝධතා ගිවිසුමකට එළඹ තිබේ. එකී අවබෝධතා ගිවිසුමේ කාලය මේ වන විට අවසන් වී ඇති බැවින් දෙපාර්ශ්වය අතර නව අවබෝධතා ගිවිසුමකට එළඹීමට යෝජනා වී ඇත. යෝජිත අවබෝධතා ගිවිසුම යටතේ කෘෂි යන්ත්‍රෝපකරණ පිළිබඳ ආදර්ශ ගම්මාන ස්ථාපිත කිරීම, කෘෂි යන්ත්‍රෝපකරණ පිළිබඳ විශේෂඥයින් හුවමාරු කර ගැනීම, පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, කෘෂි යන්ත්‍රෝපකරණ ආදර්ශ මධ්‍යස්ථාන පිහිටුවීම හා කෘෂි යාන්ත්‍රීකරණය පිළිබඳ ඒකාබද්ධ පර්යේෂණ පැවැත්වීම යන ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් සහයෝගිතාවයෙන් යුතුව කටයුතු කිරීමට දෙපාර්ශ්වය අපේක්ෂා කරයි. ඒ අනුව, අදාළ අවබෝධතා ගිවිසුම දෙපාර්ශ්වය අතර අත්සන් තැබීම පිණිස කෘෂිකර්ම අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.