• Increase font size
  • Default font size
  • Decrease font size

2022-03-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
"අන්තර්ගෘහිත ආර්ථික වර්ධනයක් සඳහා නිපුණතා ව්‍යාපෘතිය" (Skills for Inclusive Growth - S4IG) දෙවන අදියර ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජ‍ය හා ඕස්ට්‍රේලියානු රජය සමඟ යෝජිත ගිවිසුම අත්සන් තැබීම
- ඕස්ට්‍රේලියානු රජය සමඟ 2017 වර්ෂයේදී එළැඹි ගිවිසුමකට අනුව, මෙරට සංචාරක ක්ෂේත්‍රයේ අගය දාමයන් වැඩිදියුණු කිරීම සඳහා සංචාරක ක්ෂේත්‍රයේ ව්‍යවසායකත්වය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් ඕස්ට්‍රේලියානු රජයේ ආධාර වැඩසටහන යටතේ ලැබී ඇති ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 15ක මූල්‍ය ප්‍රදානයක් මත "අන්තර්ගෘහිත වර්ධනයක් සඳහා නිපුණතා ව්‍යාපෘතිය" (Skills for Inclusive Growth - S4IG) ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර හා පොළොන්නරුව යන දිස්ත්‍රික්කයන්හි වසර 4ක කාලයක් තුළ ක්‍රියාත්මක කර තිබේ. මේ වන විට එම ව්‍යාපෘතියේ පළමු අදියර අවසන් වී ඇති අතර එහි දෙවන අදියර ක්‍රියාත්මක කිරීම සඳහා ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 12ක මූල්‍ය ප්‍රදානයක් ලබා දීමට ඕස්ට්‍රේලියානු රජය එකඟතාව පළ කර ඇත. ව්‍යාපෘතියේ මුල් අදියර ක්‍රියාත්මක කරන ලද දිස්ත්‍රික්ක 04ට අමතරව අනුරාධපුරය සහ මාතලේ යන දිස්ත්‍රික්කද දෙවන අදියර සඳහා ඇතුළත් කර ගනිමින් එකී ව්‍යාපෘතිය 2024 වර්ෂය දක්වා ක්‍රියාත්මක කිරීම සඳහා ඕස්ට්‍රේලියානු රජය සමඟ ගිවිසුමකට එළඹීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.