• Increase font size
  • Default font size
  • Decrease font size

2022-03-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නවෝත්පාදන පද්ධති ශක්තිමත් කිරීම
- ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහාය ඇතිව දකුණු ආසියාවේ ප්‍රථම සමාජ පර්යේෂණ ආයතනය වශයෙන් 2018 වර්ෂයේදී "සිට්‍රා (Citra) ආයතනය" ස්ථාපනය කරනු ලැබ ඇත. සිට්‍රා (Citra) නවෝත්පාදන පර්යේෂණායතන‍ය පසුගිය කාලය තුළ රාජ්‍ය, රාජ්‍ය නොවන සහ පෞද්ගලික හවුල්කරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරනු ලැබ තිබේ. ඒ අනුව, පසුගිය කාලය තුළ ලබාගෙන ඇති අත්දැකීම් පදනම් කර ගනිමින් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසට‍හනෙහි දායකත්වය සහිතව සිට්‍රා (Citra) සමාජ නවෝත්පාදන පර්යේෂණායතන‍යේ දෙවන අදියරේ කටයුතු ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව, සිට්‍රා නවෝත්පාදන පර්යේෂණ ආයතනය (Citra) ලොව අන් රටවල මෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ සෘජු මග පෙන්වීම සහ සම්බන්ධීකරණය යටතේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි සහය ලබන ව්‍යාපෘතියක් ලෙස තවදුරටත් පවත්වාගෙන යාමටත්, ඒ සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසට‍හනේ මෙරට නිත්‍ය නියෝජිතයාගේ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති පාලක මණ්ඩලයක් පිහිටුවීමටත් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.