• Increase font size
  • Default font size
  • Decrease font size

2022-03-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආයෝජන ප්‍රවර්ධනය පිළිබඳ අමාත්‍ය කමිටුව පත් කිරීම
- රජයේ සංවර්ධන ඉලක්ක ළඟා කර ගැනීම සඳහා ජාතික වශයෙන් ප්‍රමුඛ ක්ෂේත්‍ර වෙත අවධානය යොමු කරමින් සහ ඊට අදාළ අංශයන්හි ආයෝජන අවස්ථා හඳුනාගනිමින් ප්‍රවර්ධනය කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය හා ප්‍රායෝගික විසඳුම් ලබා දීම අරමුණු කරගෙන අතිගරු ජනාධිපතිතුමාගේ සභාපතිත්වයෙන්, ගරු අග්‍රාමාත්‍යතුමා ඇතුළු අදාළ අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගෙන් සමන්විතව "ආයෝජන ප්‍රවර්ධනය පිළිබඳ අමාත්‍ය කමිටුව" පත් කිරීම සඳහාත්, එකී අමාත්‍ය කමිටුවට සහාය වීම පිණිස ජනාධිපති ලේකම්ගේ සභාපතිත්වය යටතේ අදාළ අමාත්‍යාංශ හා රාජ්‍ය අමාත්‍යාංශයන්හි ලේකම්වරුන් සහ අනෙකුත් අදාළ නිලධාරින්ගෙන් සමන්විත නිලධාරි කමිටුවක් පත් කිරීම සඳහාත් අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.