• Increase font size
  • Default font size
  • Decrease font size

2022-03-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2017 අංක 24 දරන දේශීය ආදායම් පනතට සංශෝධන සිදු කිරීම
- 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ විධිවිධානවල පැහැදිලිභාවය වැඩි කිරීම සහ ව්‍යාකූලභාවයන් ඉවත් කිරීම සඳහා සංශෝධනය කළ යුතු විධිවිධාන කිහිපයක් මුදල් අමාත්‍යාංශය විසින් හඳුනාගනු ලැබ ඇත. එසේම, ආර්ථිකයේ නැඟී එන අංශවලට සහන ලබා දෙමින් ආයෝජන සහ අපනයන දිරිගන්වන අතරතුර බදු අනුකූලතාව වැඩි කිරීම සහ බදු ගෙවීම පහසු කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් ඉදිරිපත් කරන ලද යෝජනා මත සංශෝධන කිහිපයක් ද දේශීය ආදායම් පනතට හඳුන්වා දීමට තීරණය කර ඇත. ඒ අනුව, හඳුනාගනු ලැබ ඇති සංශෝධන ඇතුළත් කරමින් 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහාත්, ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙසට නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබා දීම සඳහාත් මුදල් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.