• Increase font size
  • Default font size
  • Decrease font size

2022-03-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අනේවාසික සමාගම් මඟින් සද්භාවයෙන් සිදු කරන ආයෝජන නේවාසික සමාගම් විසින් ලබා ගැනීම සඳහා වන පොදු විධානය
- ශ්‍රී ලංකාවේ විදේශ විනිමය නියාමනය හා ප්‍රවර්ධනය කිරීම සඳහා නේවාසික නොවන ආයෝජකයෙකු විසින් නේවාසික සමාගමක කොටස් අත්කර ගැනීමේ කාර්යය සඳහා ආයෝජක‍යාගේ ආමුඛ ආයෝජන ගිණුම (Inward Investment Account - IIA) ඔස්සේ මුදල් ප්‍රේෂණය සිදු නොකර, අනවධානයෙන් හෝ නොදැනුවත්ව නේවාසික සමාගමේ ගිණුම වෙත සෘජුවම සිදු කරන ප්‍රේෂණ වෙනුවෙන් එකී නේවාසික නොවන ආයෝජකයා වෙත කොටස් නිකුත් කිරීමට හැකි වන පරිදි 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ ශ්‍රී ලංකාවේ සංස්ථාපනය කර ඇති සමාගම්වලට අවසර ලබා දීම සඳහා විධානයක් නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මුදල් ඇමතිතුමා වෙත නිර්දේශ කරනු ලැබ ඇත. ඒ අනුව, 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 7(10) වගන්තිය යටතේ අදාළ විධානයන් නිකුත් කිරීම සඳහා මුදල් ඇමතිතුමා විසින් ගනු ලැබ ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කරන ලදී.