• Increase font size
  • Default font size
  • Decrease font size

2022-03-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2022 06 01 සිට 2022 12 31 දක්වා මාස හතක (07) කාලයක් සඳහා බොරතෙල් ආනයනය කිරීමේ දිගුකාලීන කොන්ත්‍රාත්තුව
- 2022 ජුනි මස 01 දින සිට 2022 දෙසැම්බර් මස 31 දින දක්වා මාස හතක (07) කාලයක් සඳහා බොරතෙල් ආනයනය කිරීමේ ප්‍රසම්පාදනය සඳහා වන දිගුකාලීන කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස ලංසු කැඳවා ඇත. අදාළ ප්‍රසම්පාදනය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කොරල් එනර්ජි ඩී.එම්.සී.සී. සමාගම වෙත පිරිනැමීම අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කර ඇත. එකී නිර්දේශය පරිදි අදාළ කොන්ත්‍රාත්තුව එම සමාගම වෙත පිරිනැමීම පිණිස බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.