• Increase font size
  • Default font size
  • Decrease font size

2022-03-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අපරාධ නඩු විධාන සංග්‍රහය පනතට සංශෝධන
- යම් තැනැත්තෙකු අපරාධයක් සිදු කරන අවස්ථාවේදී, එම තැනැත්තාගේ වයස අවුරුදු 18ට අඩු නම් මරණ දණ්ඩනය පැනවීම තහනම් කෙරෙන එක්සත් ජාතීන්ගේ ළමා යුක්තිය පසිඳලීම සඳහා වූ සම්මත අවම රීතිවලට අනුකූල වීම පිණිස, අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ 281 වන වගන්තිය සංශෝධනය කිරීම සඳහා මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ නිෂ්කාශනය ලැබී ඇත. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.