• Increase font size
  • Default font size
  • Decrease font size

2022-03-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සිවිල් නඩු විධාන සංග්‍රහයට සංශෝධන (101 වන අධිකාරය) හඳුන්වා දීම
- යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහාත්, අධිකරණ සහ බන්ධනාගාරවල කටයුතු පහසු කිරීම සඳහාත් අවශ්‍ය අවස්ථාවලදී නඩු සැසිවාර ශ්‍රව්‍ය - දෘශ්‍ය සම්බන්ධක ආධාරයෙන් පැවැත්වීම සඳහා තීරණය කරනු ලැබ ඇත. ඒ අනුව, විවෘත අධිකරණයකදී සාක්ෂිකරුවෙකු විසින් වාචිකව ලබා දෙන සාක්ෂි සම්බන්ධයෙන් අදාළ විධිවිධාන ඇතුළත් කිරීම පිණිස සිවිල් නඩු විධාන සංග්‍රහයේ 167 (අ) සිට 167 (ඛ) දක්වා නව වගන්ති ඇතුළත් කරමින් සංශෝධනය කිරීම යෝග්‍ය බවට ඒ පිළිබඳව කරුණු පරීක්ෂා කිරීම සඳහා අධිකරණ ඇමතිතුමා විසින් පත් කරනු ලැබ ඇති ඩිජිටල්කරණය සහ අධිකරණ ස්වයංක්‍රීයකරණය පිළිබඳ නීති කමිටුව හා සිවිල් නීති ප්‍රතිසංස්කරණ කමිටුව විසින් නිර්දේශ කර තිබේ. එකී නිර්දේශ මත පදනම්ව සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීමටත්, ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙසට නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමටත් අධිකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.