• Increase font size
  • Default font size
  • Decrease font size

2022-03-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගුවන් සමාගම්, මාර්ගගත සංචාරක නියෝජිතයින් සහ ප්‍රධාන ජාත්‍යන්තර චාරිකා මෙහෙයවන්නන් සමඟ ඒකාබද්ධ ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම
- වැඩි සංචාරකයින් ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ව්‍යාපාර හා ගනුදෙනුකරුවන් (B2C) අතර හමුවීම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරවනු ලබන ඒකාබද්ධ ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සැලසුම් කර ඇත. ඒ අනුව, එකී ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් ප්‍රධාන ගුවන් සමාගම්, තෝරාගත් මාර්ගගත සංචාරක නියෝජිතයින්, ප්‍රධාන ජාත්‍යන්තර චාරිකා මෙහෙයවන්නන් සහ ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත ප්‍රචාරන ආයතන, මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය ආයතන වෙතින් යෝජනා කැඳවීම පිණිස සංචාරක අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.