• Increase font size
  • Default font size
  • Decrease font size

2022-03-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2022 යල කන්නයේ වී වගාව සඳහා පරිසර හිතකාමී දේශීයව නිෂ්පාදනය කරන ලද පොහොර ප්‍රසම්පාදනය
- 2022 යල කන්නයේ වී වගාව සඳහා ඇස්තමේන්තු කර ඇති ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර 600,000 කි. ඒ සඳහා දේශීයව නිෂ්පාදනය කරන ලද පරිසර හිතකාමී පොහොර ප්‍රසම්පාදනය කිරීම පිණිස 2022 ජනවාරි මස 10 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, දේශීය තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇති අතර, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත ප්‍රසම්පාදනයන් පිරිනැමීම සඳහා ලංසුකරුවන් 46ක් හඳුනාගෙන ඇත. එම ලංසුකරුවන් වෙත 2022 යල කන්නයේ වී වගාව සඳහා දේශීයව නිෂ්පාදනය කරන ලද පරිසර හිතකාමී පොහොර සැපයීම සඳහා වන කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම පිණිස කෘෂිකර්ම අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.