• Increase font size
  • Default font size
  • Decrease font size

2022-03-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හියුමන් ඇල්බියුමින් ද්‍රාවණය බීපී/පීඑච් ඊයූආර්, 20% මිලිලීටර් 50 බෝතල් 360,000ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය
- විවිධ රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට මෙම ඖෂධය භාවිත කරනු ලබන අතර, එම ඖෂධය මිල දී ගැනීම සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා ඇත. තාක්ෂණ ඇගයීම් කමිටුවේ නිර්දේශය පරිදි සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන ස්විස්ට්ලන්තයේ M/s Baxalta GmbH ආයතනය වෙත අදාළ ප්‍රසම්පාදනය පිරිනැමීම අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කර ඇත. ඒ අනුව, අදාළ ප්‍රසම්පාදනය පිරිනැමීම පිණිස සෞඛ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.