• Increase font size
  • Default font size
  • Decrease font size

2022-03-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අංශු පෙරහන මුහුණු ආවරණ 3,000,000ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය
- ශ්වසන මාර්ගයේ ආසදන ඇති වී‍ම වැළැක්වීම සඳහා භාවිත කරනු ලබන මෙම මුහුණු ආවරණ මිල දී ගැනීම සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා ඇත. තාක්ෂණ ඇගයීම් කමිටුවේ නිර්දේශය සැලකිල්ලට ගෙන, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් අදාළ ප්‍රසම්පාදනය සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන ලකී ඉන්ඩස්ට්‍රීස් පෞද්ගලික සමාගම වෙත පිරිනැමීම නිර්දේශ කර තිබේ. ඒ අනුව, අදාළ ප්‍රසම්පාදනය පිරිනැමීම පිණිස සෞඛ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.