• Increase font size
  • Default font size
  • Decrease font size

2022-03-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බයිෆේසික් අයිසෝෆේන් ඉන්සියුලින් එන්නත බීපී 30/70, 1,000අයියූ / මිලිලීටර් 10 වයල් 1,900,000ක් සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය
- දියවැඩියා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා භාවිත කරනු ලබන මෙම එන්නත මිල දී ගැනීම සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා ඇත. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් සාරානුකූලව ප්‍රතිචාර දක්වන ලද අවම ලංසුකරු වන ඉන්දියාවේ Wockhardt Limited ආයතනය වෙත ලංසුව ප්‍රදානය කිරීම නිර්දේශ කර තිබේ. එකී නිර්දේශය ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලය විසින් ද තහවුරු කර ඇත. ඒ අනුව, අදාළ ඖෂධයේ එන්නත් මාත්‍රා මිලියන 1.5ක් පමණක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ඉන්දියාවේ Wockhardt Limited ආයතනය වෙත පිරිනැමීමටත් ඉතිරි එන්නත් ප්‍රමාණය 2022 වසරේ සත්‍ය පරිභෝජනය මත පදනම්ව ඉදිරියේදී මිල දී ගැනීමටත් සෞඛ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.