• Increase font size
  • Default font size
  • Decrease font size

2022-03-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඩීසල් ආනයනය කිරීමේ දිගුකාලීන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
- 2022 03 01 සිට 2022 10 31 දක්වා මාස අටක (08) කාලයක් සඳහා ඩීසල් (උපරිම සල්ෆ ප්‍රතිශතය 0.05) ආනයනය කිරීමේ දිගුකාලීන කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවා ඇත. අදාළ ප්‍රසම්පාදනය කොරල් එනර්ජි DMCC ආයතනය වෙත පිරිනැමීම අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කරනු ලැබ ති‍බේ. ඒ අනුව, එකී ප්‍රසම්පාදනය පිරිනැමීම පිණිස බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.