• Increase font size
  • Default font size
  • Decrease font size

2022-03-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආසියානු සංවර්ධන බැංකු ණය යටතේ නඩුකුඩා, චුන්නාකම් සහ ආනියාකන්ද ග්‍රිඩ් උපපොළ වැඩිදියුණු කිරීම
- මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු කොන්ත්‍රාත්කරුවෙකු තෝරා ගැනීම පිණිස ජාත්‍යන්තර තරගකාරී ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇත. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් අදාළ කොන්ත්‍රාත්තුව TBEA ෂෙන්යැන් ට්‍රාන්ස්ෆෝමර් ගෲප් සහ සීලෙක්ස් ඉංජිනියරින් ලිමිටඩ් බද්ධ ව්‍යාපාරය වෙත ප්‍රදානය කිරීම නිර්දේශ කර ඇත. එකී නිර්දේශය සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ එකඟතාව ලැබී තිබේ. ඒ අනුව, අදාළ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම පිණිස විදුලිබල අමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.