• Increase font size
  • Default font size
  • Decrease font size

2022-03-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වත්තල, මිල්ලගහවත්ත ප්‍රදේශයේ නිවාස ඒකක 408ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය
- වත්තල, මිල්ලගහවත්ත ප්‍රදේ‍ශයේ නිවාස ඒකක 408ක් සැලසුම්කර ඉදිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික තරගකාරී ලංසු ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇත. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශය පරිදි අදාළ කොන්ත්‍රාත්තුව ඉන්ටර්නැෂනල් කන්ස්ට්‍රක්ෂන්ස් කොන්සෝටියම් (පුද්ගලික) සමාගම වෙත පිරිනැමීම පිණිස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.