• Increase font size
  • Default font size
  • Decrease font size

2022-03-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගුවන්තොටුපොළ හෝටල් දෙකක් ඉදිකර ක්‍රියාත්මක කිරීම සඳහා මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආසන්නයේ පිහිටි බිම් කොටස් දෙකක් බදු පදනම මත ලබා දීම
- මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පිහිටි හම්බන‍්තොට ප්‍රදේශය ප්‍රධාන සංචාරක ගමනාන්තයක් වන නමුත් දැනට එම ප්‍රදේශයේ හෝටල් කිහිපයක් පමණක් ක්‍රියාත්මක වේ. ගුවන්තොටුපොළ ආසන්නයේ තරු 4 කාණ්ඩයේ හෝටල් 02ක් ඉදිකිරීම මඟින් සංචාරකයින් ආකර්ශනය කර ගැනීම සඳහා වඩාත් වාසිදායක තත්ත්වයක් නිර්මාණය වන බව පෙනී ගොස් ඇත. ඒ සඳහා ගුවන්තොටුපොළේ පර්යන්ත ගොඩනැඟිල්ලට දකුණු පසින් පිහිටි හෙක්ටයාර 15 බැගින් වූ බිම් කොටස් 02ක් හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව, යෝජිත ‍හෝටල් 02 ස්ථාපිත කිරීම සඳහා ආයෝජකයින් වෙතින් යෝජනා සඳහා ඉල්ලීම් කැඳවීම පිණිස සංචාරක අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.