• Increase font size
  • Default font size
  • Decrease font size

2022-03-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උතුරු මැද පළාත් මහ ඇළ ව්‍යාපෘතිය යටතේ කළු ගඟ - මොරගහකන්ද යා කරන උමඟ කැණීමේදී ඉවත් කරනු ලබන උමඟ අපද්‍රව්‍ය මාර්ග සංවර්ධන අධිකාරියට ලබා දීම
- ආසියානු සංවර්ධන බැංකු අරමුදල් යටතේ ක්‍රියාත්මක වන මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ ඉදි කරනු ලබන උතුරු මැද පළාත් මහ ඇළ ව්‍යාපෘතියේ සංරචකයක් වන කළු ගඟ - මොරගහකන්ද යා කරන උමඟ කැණීමේදී ඉවත් කරනු ලබන උමඟ අපද්‍රව්‍ය (Tunnel Muck) තාවකාලික පදනම මත වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් රක්ෂිත බිම් තුළ රැස් කරනු ලබයි. එම අපද්‍රව්‍ය ඉදි කිරීම් සඳහා සෘජුවම භාවිත කිරීමට හැකියාවක් නොමැති කළුගල්වලින් සමන්විත වේ. උමඟෙහි ඉදි කිරීම් හේතුවෙන් පුනරුත්ථාපනය හා වැඩිදියුණු කිරීමට සිදු වී ඇති ඉලුක්කුඹුර සිට ලග්ගල දක්වා කිලෝමීටර 9.3ක් වූ මාර්ගයෙහි පුනරුත්ථාපන හා වැඩිදියුණු කිරීමේ කටයුතු සඳහා සහ රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන කිලෝමීටර 100,000ක මාර්ග ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය වන ABC අමුද්‍රව්‍ය (Aggregate Base Course) නිෂ්පාදනය සඳහා යොදා ගැනීමට හැකි වන පරිදි එම අපද්‍රව්‍ය මාර්ග සංවර්ධන අධිකාරිය වෙත නොමිලේ ලබා දීම පිණිස වාරිමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.