• Increase font size
  • Default font size
  • Decrease font size

2022-03-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත රෝහලක් ඉදි කිරීම පිණිස නාරාහේන්පිට ප්‍රදේශයෙන් ඉඩම් කොටසක් ලබා දීම
- නගර සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා නාරාහේන්පිට ප්‍රදේශයේ අක්කර 7 පර්චස් 39.9ක් නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා දී ඇත. රෝහලක් ඉදි කිරීම සඳහා එම භූමියෙන් අක්කර 03ක බිම් කොටසක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නාගරික සංවර්ධන අධිකාරිය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව, අදාළ ඉඩමෙන් අක්කර 03ක ඉඩම් කොටසක් නිදහස් දීමනාවක් වශයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත පවරා දීම පිණිස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.