• Increase font size
  • Default font size
  • Decrease font size

2022-03-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2020 පැරාලිම්පික් තරගාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ රන් පදක්කම්ලාභී හේරත් මුදියන්සේලාගේ දිනේෂ් ප්‍රියන්ත හේරත් මහතා වෙත නිවාසක් ලබා දීම
- ජපානයේ ටෝකියෝහිදී පැවති 2020 පැරාලිම්පික් තරගාවලියේදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ‍ලෝක වාර්තාවක් තබමින් රන් පදක්කමක් දිනාගෙන ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දීමට හේරත් මුදියන්සේලාගේ දිනේෂ් ප්‍රියන්ත හේරත් මහතා සමත් විය. රටට එම කීර්තිය අත්කර දීම සඳහා සිදු කළ කැපවීම අගය කිරීමක් වශයෙන් ඒ මහතාට නාගරික සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කරන ලද කොම්පඤ්ඤවීදිය මෙට්‍රොහෝම් නිවාස ව්‍යාපෘතියෙන් රුපියල් මිලියන 14.2 ක් වටිනා නිවාස ඒකකයක් නිදහස් දීමනාවක් වශයෙන් පවරා දීම පිණිස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.