• Increase font size
  • Default font size
  • Decrease font size

2022-03-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සහ රුසියානු සමූහාණ්ඩුවේ UFA රාජ්‍ය ගුවන් සේවා තාක්ෂණික විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම
- දෙරට අතර පවත්වාගෙන යන යහපත් සබඳතාව තවදුරටත් ශක්තිමත් කිරීම, ගුවන් හා ගගන ඉංජිනේරු ක්ෂේත්‍රවල අධ්‍යයන හා පර්යේෂණ සහයෝගිතාව වර්ධනය කර ගැනීම, අන්‍යෝන්‍ය උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර පිළිබඳ පර්යේෂණ පැවැත්වීම සඳහා විද්වතුන් හා විද්‍යාඥයින් හුවමාරු කර ගැනීම මෙන්ම එකී ක්ෂේත්‍රවල තොරතුරු, ශාස්ත්‍රීය ද්‍රව්‍ය හා ප්‍රකාශන හුවමාරු කර ගැනීම යන අරමුණු සහිතව ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සහ රුසියානු සමූහාණ්ඩුවේ UFA රාජ්‍ය ගුවන් සේවා තාක්ෂණික විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට යෝජනා වී ඇත. ඒ අනුව, එකී අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස ආරක්ෂක අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.