• Increase font size
  • Default font size
  • Decrease font size

2022-03-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විගමනික ප්‍රේෂණ ප්‍රවර්ධනය සඳහා දිරිගැන්වීම් ලබා දීම
- ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන මුලාශ්‍රයක් වන විදේශ රැකියා ක්ෂේත්‍රය මඟින් වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් බිලියන 7-8කට ආසන්න විදේශ විනිමය ප්‍රමාණයක් මෙරටට ප්‍රේෂණය කරනු ලබයි. එලෙස විගමනික ශ්‍රමිකයින් විසින් එතෙරදී උපයනු ලබන විදේශ විනිමය එළඹෙන අවුරුදු සමයේදී මෙරටට ප්‍රේෂණය දිරිමත් කිරීම, විගමනික ශ්‍රමිකයින් ඇගයීම සහ ඔවුන්ගේ යැපෙන්නන්ට හා පවුල්වල සාමාජිකයින්ට වැඩි ආර්ථික ප්‍රතිලාභ ලබා දීම පිණිස විගමනික ශ්‍රමිකයින් විසින් මෙරටට ප්‍රේෂණය කරනු ලබන ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් දැනට ගෙවනු ලබන රුපියල් 10/-ක දිරි දීමනාව රුපියල් 38/-ක් දක්වා වැඩි කිරීම පිණිස කම්කරු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.