• Increase font size
  • Default font size
  • Decrease font size

2022-03-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජපන් ව්‍යාපෘති නොවන ප්‍රදාන ආධාර යෝජනා ක්‍රමය යටතේ ජාතික ශාක නිරෝධායන සේවය සඳහා අවශ්‍ය උපකරණ සපයා ගැනීම
කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සහ ඊට අදාළ වෙළෙඳ ක්ෂේත්‍රයන්හි සංවර්ධනය සඳහා රෝග හා පළිබෝධවලින් තොර නිරෝගී ශාක සහ ශාක නිෂ්පාදන ජාත්‍යන්තර මට්ටමින් වෙළෙඳාම් කිරීම අත්‍යවශ්‍ය වේ. එවැනි වෙළෙඳ කටයුතු පහසුකරණය සඳහා ජාතික ශාක නිරෝධායන සේවය ස්ථාපිත කර ඇත. 2022/2023 මූල්‍ය වර්ෂය සඳහා ආර්ථික හා සමාජ සංවර්ධන වැඩසටහන යටතේ ව්‍යාපෘති නොවන ප්‍රදාන ආධාර යෝජනා ක්‍රමය මඟින් ජපන් යෙන් මිලියන 500ක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 880ක) උපකරණමය ප්‍රදානයක් ජාතික ශාක නිරෝධායන සේවයේ කටයුතු ප්‍රවර්ධනය වෙනුවෙන් ලබා දීමට ජපාන රජය එකඟතාව පළ කර ඇත. ඒ අනුව, එකී ප්‍රදානය ලබා ගැනීම සඳහා ජපාන රජය සමඟ හුවමාරු පත්‍ර අත්සන් කිරීම පිණිස මුදල් අමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.