• Increase font size
  • Default font size
  • Decrease font size

2022-03-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමයන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා අනුමැතිය ලබා ගැනීම
- අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල වෙළෙඳපොළ මිල ස්ථාවරව පවත්වාගෙන යාම මඟින් පාරිභෝගිකයින්ට සහනයක් ලබා ‍දීම සඳහා සහ දේශීය ගොවීන් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් රජයේ ප්‍රතිපත්තිමය තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා 2007 අංක 48 දරන විශේෂ වෙළෙඳ භාණ්ඩ නියෝග 04ක් නිකුත් කරනු ලැබ ඇත. එසේම, ජාතික උප බෙදුම් සංයෝජිත රේගු සංකේතාංක ඇති කිරීම සඳහා සහ ඇතැම් තෝරාගත් භාණ්ඩ මත රේගු ආනයන බදු සංශෝධනය කිරීම සඳහා 1962 අංක 19 දරන ආදායම් සංරක්ෂණ ආඥාපනත යටතේ ආඥාවක් මුදල් ඇමතිතුමා විසින් නිකුත් කරනු ලැබ ඇත. ඒ අනුව, එකී නියෝග සහ ආඥාව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස මුදල් ඇමතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.