• Increase font size
  • Default font size
  • Decrease font size

2022-03-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අතුරුදහන් වූ තැනැත්තන් සම්බන්ධයෙන් සිදු කරන පැමිණිලි පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම
- 2016 අංක 14 දරන පනතේ විධිවිධාන පරිදි අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය ස්ථාපිත කර ඇත. එම කාර්යාලය විසින් මාතර, මන්නාරම, යාපනය, මඩකලපුව සහ කිලිනොච්චිය යන ප්‍රදේශවල ප්‍රාදේශීය කාර්යාල ස්ථාපිත කර ඇති අතර එකී ප්‍රාදේශීය කාර්යාල වෙත අතුරුදහන් වීම් සම්බන්ධයෙන් පැමිණිලි 14,988ක් ලැබී ඇත. පනතේ විධිවිධාන අනුව විධිමත් විමර්ශන පැවැත්වීමෙන් පසු අතුරුදහන් වු තැනැත්තන්ගේ ඥාතීන් වෙත වාර්තා නිකුත් කිරීම් ඇතුළු විශාල කාර්යභාරයක් අතුරුදහන් වු තැනැත්තන් පිළිබඳ කාර්යාලය වෙත පැවරී තිබේ. ඒ අනුව, එකී පැමිණිලි විමර්ශනය කර අවසන් කිරීම සඳහා විමර්ශන මණ්ඩල 25ක් පත් කර කඩිනම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස අධිකරණ ඇමතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.