• Increase font size
  • Default font size
  • Decrease font size

2022-03-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සිවිල් නඩුවිධාන සංග්‍රහය සඳහා සංශෝධන (101 වන අධිකාරය) - (XLII වැනි පරිච්ඡේදය පරිච්ඡින්න කිරීම)
- අමාත්‍ය මණ්ඩල අනුමැතිය සහිතව නීතියේ පුළුල් ප්‍රතිසංස්කරණයක් සඳහා පිහිටුවා ඇති විශේෂ ඒකකයේ එක් අනුකමිටුවක් ලෙස වෛවාහික කාරණා පිළිබඳ පනත් කෙටුම්පත් කිරීමේ අනුකමිටුව පිහිටුවා ඇත. එමඟින්, දික්කසාදය, විවාහයෙන් වෙන් වීම සහ විවාහ ශුන්‍යතාව සඳහා හේතු, වෛවාහක නඩුකරවල කාර්යපටිපාටිය සහ දරුවන්ගේ භාරකාරත්වය ලබා දීමේදී සැලකිල්ලට ගත යුතු කරුණු ආදිය සම්බන්ධයෙන් මූලික විධිවිධාන ඇතුළත් කෙටුම්පතක් පිළියෙල කර තිබේ. වෛවාහක නඩුකර සම්බන්ධ කාර්යපටිපාටිය සිවිල් නඩු විධාන සංග්‍රහයේ XLII වැනි පරිච්ඡේදයේ ඇතුළත් වී ඇති අතර යෝජිත වෛවාහක කාරණා පිළිබඳ පනත ක්‍රියාත්මක වීමත් සමඟ එම පරිච්ඡේදය අවශ්‍ය නොවනු ඇත. ඒ අනුව, සිවිල් නඩු විධාන සංග්‍රහයේ XLII වැනි පරිච්ඡේදය පරිච්ඡින්න කිරීමටත්, ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමටත් අධිකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.