• Increase font size
  • Default font size
  • Decrease font size

2022-03-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
තැපැල් කාර්යාල ඇප අරමුදල ආඥාපනත
- 1931 අංක 1 දරන තැපැල් කාර්යාල ඇප අරමුදල ආඥාපනත යටතේ තැපැල් කාර්යාල ඇප අරමුදල ස්ථාපිත කර තිබේ. තැපැල් දෙපාර්තමේන්තුවේ සියලුම සාමාජිකයින්ට එම අරමුදල මඟින් වඩා ඵලදායී සේවාවක් සැලසීමට හැකි වන පරිදි තැපැල් කාර්යාල ඇප අරමුදල් ආඥාපනත සංශෝධනය කිරීම පිණිස මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇති නමුත් අදාළ කෙටුම්පත් කටයුතු මෙතෙක් අවසන් වී නොමැත. එබැවින්, වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන අයුරින් අදාළ විධිවිධාන ඇතුළත් කරමින් එකී පනත නීති කෙටුම්පත් සම්පාදක මඟින් කෙටුම්පත් කිරීම පිණිස ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.