• Increase font size
  • Default font size
  • Decrease font size

2022-03-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ එස්.පී.එම්.සී. - ලෝටස් ෆාමා ව්‍යාපෘතිය සඳහා ස්වාධීන උපදේශකයෙකු සේවයේ නියුක්ත කරවීම
- රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ එස්.පී.එම්.සී. - ලෝටස් ෆාමා ව්‍යාපෘතිය හොරණ මිල්ලෑව ප්‍රදේශයේ ස්ථාපිත කිරීම සඳහා 2021 මාර්තු මස 08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මඟින් අනුමැතිය ලබා දී ඇත. එකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා උපදේශකයෙකු/උපදේශක ආයතනයක් තෝරා ගැනීම පිණිස ජාත්‍යන්තර තරගකාරී ලංසු ක්‍රමවේදය අනුගමනය කිරීම සඳහා 2021 ඔක්තෝබර් මස 25 දින පැවති අමාත්‍ය මණ්ඩල තීරණය මඟින් අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, ජාත්‍යන්තර තරගකාරී පදනම මත ලංසු කැඳවා ඇති අතර, සාරානුකූල ප්‍රතිචාරාත්මක අගයන ලද අවම ලංසුකරු වශයෙන් ඉන්දියාවේ මෙරිඩියන් ඉංජිනියර්ස් ඇන්ඩ් කන්සල්ටන්සි සර්විසර්ස් ආයතනය වෙත අදාළ ප්‍රසම්පාදනය පිරිනැමීම අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කර ඇත. ඒ අනුව, එම ආයතනය යෝජිත ව්‍යාපෘතියේ උපදේශක වශයෙන් පත් කිරීම පිණිස සෞඛ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.