• Increase font size
  • Default font size
  • Decrease font size

2022-03-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දැරණියගල පොලිස් වසමේ නූරිය නව පොලිස් ස්ථානය ස්ථාපිත කිරීම සඳහා ඉඩමක් පවරා ගැනීම
- කෑගල්ල දිස්ත්‍රික්කයේ, දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, අංක 110, දොඩාවත්ත ග්‍රාම නිලධාරි වසමේ පිහිටි නූරිය වත්ත නැමති ඉඩමෙන් කොටසක් නූරිය පොලිස් ස්ථානය ස්ථාපිත කිරීම සඳහා හඳුනාගෙන ඇත. එකී නව පොලිස් ස්ථානය ස්ථාපිත කිරීම මඟින් එම ප්‍රදේශයේ මහජනතාවට කාර්යක්ෂම පොලිස් සේවාවක් ලබා දීමටත්, ප්‍රදේශයේ සිදුවන අපරාධ හා දූෂණ ක්‍රියා මැඩපැවැත්වීමෙන් ආරක්ෂාව තහවුරු කිරීමටත් හැකි වනු ඇත. එම පොලිස් ස්ථානය ස්ථාපිත කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවතින ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් නූරිය වත්ත ඉඩමෙන් අක්කර 02ක් පවරා ගැනීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.