• Increase font size
  • Default font size
  • Decrease font size

2022-03-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රාගම රක්තවේද හා පුනරුත්ථාපන රෝහල සඳහා රෝද පුටු හා අනෙකුත් සංචරණ ආධාර ප්‍රදානය
- මෙරට තුළ වසරකට පුද්ගලයන් 1500 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් කොඳු ඇට පෙළ ආශ්‍රිත තුවාල හේතුවෙන් ආබාධයන්ට ලක් වන බව වාර්තා වී ඇත. පුනරුත්ථාපන ප්‍රතිකාර සේවා අවශ්‍ය වන එවැනි රෝගීන් එම සේවාවන් සඳහා යොමු කිරීමේ ජාතික මධ්‍යස්ථානය වන්නේ රාගම රක්තවේද හා පුනරුත්ථාපන රෝහල ය. එම රෝහලේ රෝගීන් සඳහා වාර්ෂිකව රෝද පුටු 200ක්, ඇවිදීමේ ආධාරක 350ක් සහ අංග ආදේශක කට්ටල 100ක් පමණ අවශ්‍ය කෙරේ. එම රෝහලේ කාර්යමණ්ඩලය පුහුණු කිරීමට සහ රෝද පුටු 564ක්, ඇවිදීමේ ආධාරක 370ක් හා අංග ආදේශක කට්ටල 410ක් වශයෙන් වන සංචරණ ආධාරක සැපයීමට රුපියල් මිලියන 43.70ක ප්‍රදානයක් ලබා දීම සඳහා ගෝලීය මානුෂීය ආධාරක ආයතනයක් වන ඇමෙරිකා එක්සත් ජනපදයේ Latter-Day Saint Charities (LDSC) ආයතනය විසින් එකඟතාව පළ කර තිබේ. ඒ අනුව, එකී ප්‍රදානය භාර ගැනීම සඳහා අදාළ ආධාර ආයතනය සමඟ එකඟතා ගිවිසුමක් අත්සන් කිරීම පිණිස සෞඛ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.