• Increase font size
  • Default font size
  • Decrease font size

2022-03-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බහුආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගිතාව සඳහා වූ බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල මුලපිරීම (බිම්ස්ටෙක්) සංවිධානයේ තාක්ෂණය මාරු කිරීමේ පහසුකම පිහිටුවීම පිළිබඳ බිම්ස්ටෙක් සහයෝගිතා ගිවිසුම
- තාක්ෂණය මාරු කිරීමේ පහසුකම පිහිටුවීම පිළිබඳ බිම්ස්ටෙක් සහයෝගිතා ගිවිසුමට එළඹීම සඳහා මීට පෙර අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, 2022 මාර්තු මස 30 දින පැවැත්වීමට නියමිතව ඇති බහුආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගිතාව සඳහා වූ බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල මුලපිරීම (බිම්ස්ටෙක්) සමුළුව අතරතුරදී නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය විසින් එක් එක් බිම්ස්ටෙක් සාමාජික රටවල් සමඟ එකී සම්මුතියට අත්සන් තැබීම සඳහා අවශ්‍ය කටයුතු කරනු ලබන බවට විදේශ කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද කරුණු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.